Owned by prasannaweerakkody.com |
ගැමුණු කුමරුගේ පිය රජතුමා කාවන්තිස්ස රජුවේ. මවතුමිය විහාර මහා දේවියයි. සද්ධාතිස්ස නමින් බාල සොහොයුරෙක්ද විය. මෙම රජ පවුලම සම්බුද්ධ ශාසනයට මහත් ඇල්මක් දැකිවීය. දැහැමින් රට පාලනය කල කාවන්තිස්ස රජු දිනක් කුමාරවරු කුඩා කාලයේ භික්ෂූන් උදෙසා දන් පිළිගැන්වීමෙන් පසු කුමාරවරුන් දෙදෙනාට බත් ගුලි තුනක් ගැසීය. බත්ගුලි තුන කැවීමෙන් පොරොන්දු තුනක් ලබාගැනීම පියරජුගේ බලාපොරොත්තුව විය. පළමු පොරොන්දුව වූයේ සංඝයා වහන්සේලාට දානය දී මිසක ආහාර අනුභව නොකල යුතු බවයි. දෙවැන්න වූයේ ගැමුණු කුමරු සහ සද්ධාතිස්ස කුමරුන් අතර එකිනෙකාට විරුද්ධව යුධ නොවැදිය යුතු බවයි. එම පොරොන්දු දෙකටම කැමති වූ කුමාරවරු එම බත්ගුලි දෙකම බෙදාගෙන කෑහ. තෙවැනි පොරොන්දුව වූයේ කිසිම දිනක එළාර ප්‍රමුඛ සොළීන් සමග යුධ නිකරන ලෙසයි. එම පොරොන්දුව නොපිලිගත් කුමාරවරු එම බත්ගුලිය නොකෑහ.
තරුණ වයසට එළෙඹි ගැමුණු කුමරු කඩු, දුනු, ඇත්, අස් සහ යුධ ශිල්පයන්හී අති දක්ෂයෙක් බවට පත්විය. කාවන්තිස්ස රජුගේ සේනාවද ගැමුණු කුමරුට මහත් භක්තියක්, ගෞරවයක් දැකිවීය. සොළීන් සමග සටනට පියරජුගෙන් කිහිප වරක්ම අවසර පැතූ නමුත්, කාවන්තිස්ස රජු ඒ සදහා අවසර ලබා නොදෙන ලදී. මෙයින් කෝපයට පත්වූ ගැමුණු කුමරු පිය රජුට ගැහැණු පළදනා තෑගි කර යැවිය. ගැමුණු කුමරුගේ මෙම ක්‍රියාවෙන් බලවත් ලෙස ලැජ්ජාවට හා කෝපයට පත්වූ කාවන්තිස්ස රජු ගැමුණු කුමරුව අල්ලා සිරකිරීමට රාජ පුරුෂයන්ට අණ කරන ලදී. වහා ක්‍රියාත්මක වූ ගැමුණු කුමරු තම මව්තුමියට පමණක් දන්වා රජ මාලිගයෙන් පැනයන්නට විය. ගම් වැසියෙකු ලෙස වෙස්වලාගත් කුමරු ගම් නියම්ගම් හරහා ඇවිදගොස් මලය රටේ කොත්මලේ ප්‍රදේශයේ කොටගේපිටිය ගම්මානයේ ඌරුපැලැස්සේ ගමරාළගේ නිවසේ නවාතැන් ගත්තේය. පියරජු සමග වූ මෙම හිතුවක්කාර ගතිපැවතුම් නිසා එතැන් සිට ගැමුණු කුමරු "දුෂ්ඨ ගාමිණී" නොහොත් "දුටුගැමුණු" ලෙස ප්‍රසිද්ධ විය.
ගමරාළගේ නිවසේ වෙසෙන කාලයේ ගමරාළ සමග ගොවිතැන් කරමින් කුඹුරු හේන් අස්වැද්දීමට කුමරු මුල් විය. ආහාර ගැනීමේදී උණු උණුවේ බත් කෑම කුමරුගේ සිරිත විය. උණු බත් කෑමේදී පිගානේ තැනින් තැනින් කෑමට සිදුවිය. මෙය බලාසිටි ගමරාළ දිනක් කුමරුට පැවසුවේ බත් පත නිවෙන්නට හැර කොනක සිට අනුභව කරන ලෙසයි. සොළීන් සමග යුධ වදින විට එක් කොනක සිට සොළීන් පන්නා දැමීමට කටයුතු කලයුතු බව කුමරුගේ සිතට කා වැදුනේ මේ පූර්වාදර්ශයයි.
ගමරාළ හට දූවරු දෙදෙනෙක් සිටි අතර බාල දුව රන් මැණිකා නම් විය. ඇය කෙරෙහි ආලය කල ගැමුණු කුමරු ඇය හා විවහා වූයේය. කල් යත්ම ඔවුන් දෙපළට පුත් කුමාරයෙක් උපත ලද අතර ඔහුට සාලිය නමින් නම් තැබීය.
පියරජුගේ අභාවයත් සමග ඇමතිවරු පැමිණ දුටුගැමුණු රජු කැදවාගෙන ගොස් විහාරමහා දේවියගේ සහ සංඝයා වහන්සේලාගේ ආශිර්වාද ඇතිව රජකම භාරදුන්හ. රජකම අපේක්ෂාවෙන් සිටි සද්ධාතිස්ස කුමරු සමහරක් ඇමතිවරුන්ගේද සහය ඇතිව විහාරමහා දෙවියද රැගෙන දිගාමඩුල්ල ප්‍රදේශයේ රජ කලහ. සද්ධාතිස්සගේ මෙම ක්‍රියාකලාපයට විරුද්ධ වූ දුටුගැමුණු රජු සද්ධාතිස්ස සහෝදරයාට එරෙහිව සටනට පැමිණියේය. සහෝදරයින් අතර සටනක් සිදුවීමට විරුද්ධ වූ භික්ෂූන් වහන්සේලා යුධ පිටිය හරහා ගමන්කළහ. අවිආයුධ බිම හෙලූ කුමාරවරු සටන නැවැත්වීය. නමුත් ටික කලෙකෙන් නැවත සටන ආරම්භ වූ අතර පරාජයට පත්වූ සද්ධාතිස්ස කුමරු භික්ෂූන් වහන්සේලා වෙත පළා ගියේය.
විහාරමහා දේවියව නැවතත් රජ මාලිගාවට කැදවගත් දුටුගැමුණු රජු යුද්ධය සදහා ආයුධ රැස්කර ඇත්, අස් , රිය, පාබල සේනාවන් සංවිධානය කලේය. මේ අතරතුර භික්ෂූන් වහන්සේලා හා විහාරමහා දේවිය සද්ධාතිස්ස හා දුටුගැමුණු රජු සමාදාන කිරීමට අවශ්‍ය කටයුතු සිදුකලේය. පසුව සද්ධාතිස්ස කුමරු හට සමාව ලබාදුන් දුටුගැමුණු රජු ඔහු ලවා දිගාමඩුල්ල එකම කෙත් යායක් බවට පත්කරන ලදී.
සටනට පෙර තම සේනාව ඇමතූ රජු "මාගේ වීර සිංහල කොල්ලනි හුදෙක් මාගේ මේ ව්‍යායාමය කිසි කළෙකත් රජ සැප පිනිස නොව, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාම වන්නේය" යනුවෙන් ප්‍රකාශ කළහ. මේ ශේෂ්ඨ වදනින් තම ධෛර්යය තව තවත් වඩවාගත් දසමහා යෝධයන් ප්‍රමුඛ වීර යුධ බටයින් සිංහ තේජසින් රණ හඩ නගමින් එළාර ප්‍රමුඛ සොළීන්ගේ බලකොටු විනාශ කළහ. යුද්ධයේදී දෙපිරිසේම යුධ භටයන් මියයනු දුටු දුටුගැමුණු රජතුමා තමා සමග තනිව සටනට එන ලෙස එළාරට දැන්වූහ. කඩොල් ඇතු මතට නැගුනු දුටුගැමුණු රජතුමා තනිවම සටන් කර එළාර මරා දමා තුන් සිංහලයම එක්සේසත් කළේය.
තම පිය රජතුමා වන කාවන්තිස්ස රජුගේ එකොලොස්දහස් එකසිය එකොලහක් වූ යුධ සේනාවේ විශේෂ හැකියාවන් පිරි කාය ශක්තියෙන් යුත් දසමහා යෝධයන්ගෙන් මෙම සටනට විශාල දායකත්වයක් විය. කඩොල් ඇතා සහ දීඝහුණි වෙළෙඹද මෙම ඓතිහාසික සටනට එක්වුනි.
සටනට පසු අනුරාධපුර රාජධානිය කරගත් මේ ශේෂ්ඨ රජු භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය උදෙසා තට්ටු නවයකින් යුත්, කුටි නව්සීයකින් යුතු ලෝවාමහාපාය සහ රුවන්වැලි සෑය, මහමෙව්නා උයන නිර්මාණය කළේය.ක්‍රි.පූ 161 සිට 137 දක්වා අවුරුදු 24ක් දැහැමින් රට පාලනය කළේය.දුටුගැමුණු රජතුමා මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වන බව මහාවංසයේ සදහන් වේ.
0 Comments